පොළොව සේ දරාගෙන ලෝකයක් පහන් කළ අම්මා...
· එයා යකඩ ගැහැණියක්... · අපි පොඩි කාලෙ කවදාවත් රස කෑමක් කන්න නැතිව ඇති... දවසකට පැය 03ක් නිදාගන්න නැතිව ඇති · කොල්ලො හය දෙනෙක් ඉන්න ගෙදරක්... එයා අපිව හැසිරෙව්වේ එක බැල්මෙන්... සෑම අම්මා කෙනෙක්ම මහා සාගරයක් සේ ගැඹුරු බව දැනසිටියෙමි. එහෙත් ඒ අම්මා මගේම අම්මා වී මා අමතනවිට මට නොවැටහෙන අසීමිත හැඟීමක් මා එක් තත්පරයකට ගොළු කළේය. “ පුතා මට අම්මා කියලා කතා කරන්න. “ ඒ මොහොතේ සිට මා ඇයගේ දුව වූවාය. ඒ අම්මා ගැන ලියන්නට බොහෝ නිමිති මා ඉදිරියේ තිබිණි. අපි නායකයත්වයේ සැබෑ ආදර්ශ ප්‍රාර්ථනා කරමින් දුර්භික්ෂ වකවානු පසුකළ මිනිසුන්ය. අර්ජුණ රණතුංග අපට ලෝකය දිනාගෙන ගෙනැවිත් දෙන්නේ ඒ වකවානුවේය. විසිපස් වසරකට පෙර ඒ අවධියේ මා නොදරුවෙක් බව සැබෑය. එහෙත් එදා මේ රටේ ඉපදුණු අභිමානිත හැඟීමේ හැඟීම් අපේ ළදරු මනස් උත්තේජනය කළ අයුරු මතකය. ඉන් අනතුරුව අර්ජුණගේ අම්මා නන්දනී රණතුංග මේ රටේ අතිමහත් බහුතරයකගේ ගෞරවණීය අම්මා වූ බව විශ්වාස...